ජාතික රක්ෂණ දින සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී ඇති ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් නිකුත් කරනු ලබන සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ සමාගම් වල ඉල්ලීමක් පරිදි සැප්තැම්බර් පළමු වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනි ඉන්ද්‍රාණී සුගතදාස, එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු යන මහත්මීන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *