ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලබන ජනවාරි මාසයේ දී කර්මාන්ත ශාලා කළාපය ආරම්භ කිරීමට නියමිතය.

කළුතර වැලිපැන්න ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලා කළාපය ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ඒ සඳහා ඉඩම් හඳුනාගෙන ඇති අතර ඉදිරියේ දී එම ඉඩම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට ලබාදෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රාර්ථනා අපි එකිනෙක ඉටු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කළ බව ද කීය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළීවෙළ ද ආරම්භ කර තිබෙන අතර වසර 2020 වනවිට සියලුම ඖෂධ ලංකාවේ නිපදවීමට තමා බලාපොරාත්තුව වන බවත් මේ වන විට දෙස් විදෙස් ඖෂධ සමාගම් 38 ක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන් මහනුවර සහ හොරණ ප්‍රදේශවල ඖෂධ සමාගම් දෙකක් තම කර්මාන්ත ශාලා මෙරට ස්ථාපිත කර අවසන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හරහා එම ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *