විරාත් හා අනුෂ්කා විවාහය

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා ඊයේ(11) අතිනත ගනු ලැබීය.

ඔවුන්ගේ විවාහය පැවැත්වුණේ ඉතාලියේදී ය.

හින්දු චාරිත්‍රානුකූලව මෙම විවාහය පැවැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. පවුලේ සාමාජිකයින් හා මිතුරන් කිහිප දෙනෙකු පමණක් ඊට සහභාගී වූ බව සදහන් ය.

යුවලට තම විවාහය පෞද්ගලිකව පැවැත්වීමට තිබූ උවමනාව හේතුවෙන් මෙසේ විවාහය සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා ඇතැයි ද වාර්තා වේ.

මේ මස 21 වනදා ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් උත්සවයක් දිල්ලි නගරයේ පැවැත්වෙන අතර බොලිවුඩ් තරු සහ ක්‍රිකට් ක්‍රිඩකයින් වෙනුවෙන් උත්සවයක් 26 වනදා මුම්බායි නුවර දී පැවැත්වෙනු ඇත.

උත්සවවලින් පසුව විරාත් කෝලි දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට එක්වන අතර අනුෂ්කා මුම්බායි නගරයේ සිය රංගන කටයුතුවල යෙදීමට නියමිත බව ද වැඩි දුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *