කතිරය හැර වෙනත් ලකුණු යෙදුවොත් ඡන්ද පත්‍රිකාව අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ඡන්දය සලකුණු කිරීමේදී කතිරය හැර වෙනත් ලකුණු යෙදීමෙන් එම ඡන්ද පත්‍රිකාව අවලංගු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ පක්‍ෂ ලේකම්වරුන් හා නියෝජිතවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී මෙසේ ද කියා සිටියේය,

” අද දින සාකච්ඡා කළ කරුණක් තමයි ඡන්දය දීම සඳහා ඡායාරූපයක් සහිත වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී වලංගු හැදුනුම්පත් වෙන්නේ ජාතික හැදුනුම්පත , වලංගු විදේශ ගමන් බලපත්‍රය ,රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත, වැඩිහිටි හැදුනුම්පත ප්‍රාදේශිය ලේකම් මගින් නිකුත් කරන ලද, පූජ්‍ය පූජක හැදුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද, තාවකාලික හැදුනුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හැදුනුම්පත ..අපි තවත් ඡන්දය පාවිච්චි කිරීමේදී වැදගත් කරුනක් කතා කලා..ඡන්දය සලකුණු කිරීමේදී කතිරයම පමණක් ,එකම එක කතිරයක් පමණක් භාවිත කරන ලෙස…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *