ෆේස්බුක් සමාගමට සිංහල සේවකයන් බදවා ගැනීමට යයි

(කොළඹ, ලංකාපුවත්) – විවිධ රටවල්හි තිබෙන ප්‍රධාන භාෂාවන් හරහා සිදුවන වෛරී ප්‍රකාශ ෆේස්බුක් සමාජ ජාල හරහා පැතිරී යෑම වැළැක්වීම සඳහා තම සේවකයන් පුහුණු කිරීමට ‌ෆේස්බුක් සමාගම සැලසුම් කර තිබේ.

දේශීය භාෂාවන්හී සිදුවන වෛරී ප්‍රකාශ හඳුනා ගැනීම මෙහි අරමුණ වී ඇත.

ශ්‍රී ලංකාවේ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයන් වැළැක්වීම වෙනුවෙන් ෆේස්බුක් ආයතනය මෙම ක්‍රියාමාර්ගය ගනිමින් තිබේ.

මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ෆේස්බුක් මාධ්‍ය ප්‍රකාශිකා අම්රිත් අහූජා කොළඹදී ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබුණේ “අපි වැරැද්දක් කළා. ඒ අප මන්දගාමී වීමයි” යනුවෙනි.

මේ සඳහා ඔවුන්ට ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණයන් ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි ආයතනය තුළ නොසිටීමය.

මේ අනුව තම ආයතනයට තව තවත් සිංහල කතා කරන සේවකයන් බඳවා ගැනීමට කටයුතු කරන බව අහූජා සඳහන් කර ඇතත්, බඳවා ගන්නා ප්‍රමාණය පිළිබඳව ඇය සඳහන් කර නොමැත.

මහනුවර ඇතිවූ තත්ත්වයත් සමග ෆේස්බුක් ප්‍රධාන සමාජ මාධ්‍ය දින කිහිපයකට තහනම් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ අතර, එය ඉවත් කළේ ෆේස්බුක් ආයතනය සමග පැවති සාකච්ඡා වලින් අනතුරුවය.
ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ෆේස්බුක් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් දිවයිනට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *