තැපැල් වර්ජනය පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා තමන් අතර සාකච්ඡාවක් හෙට (18) පවත්වන බව තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය.

බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටලු විසඳීම සඳහා මේ වනවිට අමාත්‍යංශ මට්ටමින් මැදිහත්වීම් කර ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ කිසිදු බලධාරියෙකු තම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ය.

එසේම වැඩවර්ජනයේ නිරත සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානය වෙත හැකි ඉක්මනින් වාර්තා කරන්නැයි තැපැල්පතිවරයා නිවේදනය කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *