මියගිය කැස්බෑ කොටස් වෙරළට ගොඩ ගැසීම ගැන පරීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –තලෙයි මන්නාරම ,මන්නාරම වෙරළ තීරයනහි මියගිය කැස්බෑ ,මත්ස්‍ය කොටස් ඇතුළු අපද්‍රව්‍ය ගොඩ ගැසීම පිළිබද මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමග මේවන විට කතාබහක් ඇතිවී තිබේ.

මේ පිළිබද කඩිනම් පරීක්ෂණයක් සමුද්‍රීය පරිසර ආරක්‍ෂන අධිකාරිය විසින් ආරම්භ කර ඇත.

එසේම මේ සම්බන්ධයෙන් එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ අදහස් දැක්විය.

“මෙම කැස්බෑවුන් වැනි සතුන් මිය යාම සදහා තහනම් ධීවර ආම්පන්න ආදිය බලපාන්න පුලුවන්..බොහෝ වෙලාවට දැල්වල කැස්බෑවුන් පැටලුනාම නීතිමය ගැටලු නිසා අතපය කපලාහරි මුහුදට දාන අවස්ථා වාර්තා වෙලා තියෙනවා.එවිට ඔවුන් මරණයට පත්වෙලා වෙරළට එනවා…ගොඩගසා ඇති මසුන් බහුතරයක් ආහාරයට නොගන්නා මාලු.මේ දිනවල මුහුදේ රළු ස්වභාවය සහ මුහුදු රළ ගමන් කරන දිශාව අනුව මේවා ඇතුළු අපදුව්‍ය මේ ප්‍රෙද්ශවලට එනවා කියලා අප හිතනවා..කොහොම නමුත් මේ ගැන පරීක්ෂණ අප අරඹා තියෙනවා….සමුද්‍රීය පරිසර අධිකාරිය ලෙස අප මේ සියලු සියලු සිදුවීම් පිළිබද දැඩි අවධානයෙන් යුතුව අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *