සාෆ් කුසලානය ගේන්න ශ්‍රී ලංකා පාපන්දු පිල කලින්ම බංග්ලාදේශයට

(කොළඹ, ලංකාපුවත්) –සැප්තැම්බර් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට ( SAFF ) සහභාගී වන ශ්‍රීලංකා පාපන්දු කණ්ඩායම බංග්ලාදේශය සමග 29වැනිදා පැවැත්වෙන පුහුණු තරගයකට සහභාගීවීමට නියමිත බැවින් ඊයේ (26) බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිලේ නායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂාන්ට පවරා ඇත. මධුෂාන් වසර ගණනාවක් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ පළපුරුදු ක්‍රීඩකයෙක්වන අතර අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී ඉහළ දස්කම් පෙන්වූ ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා පාපන්දු පිලට කොළඹ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් 7ක් ඇතුලත්ව ඇති අතර, යුද හමුදාවෙන් 4ක්, ගුවන් හමුදාවෙන් 2ක්, නිව්යංග්ස් ක්‍රීඩා සමාජයෙන් 2ක් හා නාවික හමුදාවෙන් ක්‍රීඩකයෙක් ඇතුලත්ව සිටිති. වයස අවුරුදු 18ක්වූ කොළඹ සාන්ත ජෝෂප් විදුහලේ ක්‍රීඩකයෙකුද ශ්‍රී ලංකා පාපන්දු පිලට ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.

සුභාෂ් මධුෂාන් (නාවික හමුදා ක්‍රීඩා සමාජය) , කවීෂ ප්‍රනාන්දු (කොළඹ පාපන්දු සමාජය), ඩක්සන් පුස්ලාස් (නිව් යංග්ස් සමාජය), අෂුකූර් රහුමාන් (යුද හමුදා ක්‍රීඩා සමාජය), අෆීල් මොහොමඩ් (කොළඹ පාපන්දු සමාජය), සජිත් කුමාර (යුද හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ෆසාල්(කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් රිෆ්නාස් (කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් සර්වාන් (කොළඹ පාපන්දු සමාජය), ඩිලාන් කෞෂල්‍ය (කොළඹ පාපන්දු සමාජය), චරිත් රත්නායක (කොළඹ පාපන්දු සමාජය), ධනුෂ්ක රාජපක්ෂ (නිව් යංග්ස් සමාජය), චතුරංග පෙරේරා (යුද හමුදා ක්‍රීඩා සමාජය), බණ්ඩාර වරකාගොඩ (යුද හමුදාව), කවිදු ඉෂාන් (ගුවන් හමුදාව), සුජාන් පෙරේරා (මාලදිවයින වෘත්තීය), හර්ෂ පෙරේරා (ගුවන් හමුදාව), අසේල මධුෂාන් (සාන්ත ජෝෂප් විදුහල), ජපන් ජාතික කුචී හා සුසුකි, ගෝල් කීපර් පුහුණුකරු සම්පත් බණ්ඩාර, අභ්‍යාසක මොහොමඩ් බසිත්, ප්‍රධාන පුහුණුකරු පකීර් අලී, ජාතික පාපන්දු කළමනාකරණ කමිටු සභාපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, කළමනාකරු සුනිල් සෙනවීර, ක්‍රීඩක කමිටු සභාපති හා ජාතික පාපන්දු කළමනාකරණ කමිටු උප සභාපති රෝහිත ප්‍රනාන්දු යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *