හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරටට අතිමහත් කීර්තියක් ගෙනදුන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද(05) සිට ආරම්භ කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කළේය.

යම් යම් හේතු මත මෙතෙක් කල් විශ්‍රාමිකයන්ගේ මුල්‍යමය තත්වය සැලකිල්ලට ගැනීමට නොහැකි වුනු අතර, මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ සමගාමිත්වය සමඟ ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇරඹීමට හැකි වු බව ඇමතිවරයා කියා සිටියේය.

මේ සඳහා තෝරාගත් සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC හි පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් වේ.

මෙය හුදෙක් ඔවුන්ට රජයේ හදපිරි කෘතඥතාවය සහ ගෞරවය පල කිරීමට ගන්නා වැඩපිළිවෙලකි.

මෙහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් වයස අවුරුදු 65ට වැඩි, දැනට ශ්‍රී ලංකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා වගකීම් රහිත ගෙවීමක් කිරීමට නියමිතය.

එමෙන්ම තෝරාගත් විශ්‍රාමිකයන්ට මසකට රු 25,000 බැගින් වර්ෂයක් දක්වා ගෙවීම් කරන අතර, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභිමතය පරිදි එය අලුත් කිරීමට පියවර ගනු ඇත. ඊට අමතරව වසරකට රුපියල් 150,000 ක් දක්වා රෝහල් බිල් රක්ෂණාවරණ පහසුකමක් ද සලසා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *