ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අගමැති සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) –2018 ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩයමේ නායිකා චතුරංගනී ජයසූරිය ඇතුළු සමස්ත කණ්ඩයමට මෙසේ සුබ පතුම් පිරිනමා තිබේ.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සමත් විය.

අපරාජිත කණ්ඩායම ලෙස ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *