සුකීට ගෞරව සම්මානයක් අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මියන්මාර නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ.

එම ආයතනය විසින් 2009 වසරේ පිරිනමන ලද ඔවුන්ගේ ඉහළතම ගෞරව සම්මානය මෙසේ ඉවත් කරගනු ලැබීය. එවකට ඇය නිවාස අඩස්සියේ පසුවිය.

ඊට හේතුව රොහින්ග්යා අර්බුදයයි. ක්ෂමා සංවිධානය පවසන්නේ, රොහින්ගයාවරුන් සම්බන්ධයෙන් ඇය කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවය.

අවුන්සාන් සුකීට පිරිනමා තිබූ ගෞරව සම්මානයක් මීට පෙර කැනඩාව විසින් ද ඉවත්කර ගනු ලැබීය.

මේවන විට සුකී 73වැනි වියෙහි පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *