ස්වාභාවික ආපදාවලින් ශ්‍රී ලංකාවට දෙවැනි තැන

(කොළඹ, ලංකාපුවත්) –ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අනුව ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිති කරගෙන පසුගිය 22 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාව සෑම විටම ස්වාභාවික ආපදා සඳහා මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බවයි.

කාලගුණය පිළිබඳ සියයට සියයක්ම නිවැරදි අනාවැකි කිව හැකි නවීන තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවද සන්නද්ධ විය යුතු කාලය උදා වී ඇති බවත් මේ වන විටත් එම තාක්ෂණයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *