අධිවේගී බස් ගාස්තු රු. 20කින් අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගාල්ල හා මාතර බලා ධාවනය වන බස් රථවලින් මෙතෙක් අය කළ ගාස්තුවෙන් රුපියල් 20ක් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ.

මෙතෙක් මහරගම බස් නැවතුමෙන් ගාල්ල හා මාතර බලා දක්ෂිණ අධිවේගය හරහා ධාවනය වූ බස් රථ මින් ඉදිරියට මාකුඹුර බස් නැවතුමෙන් ගමන් ඇරඹීම නිසා ඊයේ (31) සිට මෙම ගාස්තු අඩු කළ බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලමාරච්චි මහතා පැවසීය.

ඒ අනුව මහරගම සිට ගාල්ලට මෙතෙක් අය කළ රුපියල් 440ක බස් ගාස්තුව මාකුඹුර සිට ගාල්ලට රුපියල් 420ක් දක්වාද මහරගම සිට මාතරට අය කළ රුපියල් 550ක මුදල මාකුඹුර සිට මාතරට රුපියල් 530ක් දක්වාද සංශෝධනය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *