අකිහිතෝ අධිරාජයාගේ මුණුබුරාගේ පාසලෙන් පිහිදෙකක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ 12 හැවිරිදි මුණුපුරාගේ පාසැල් මේසය අසළින් පිහි දෙකක් හමු වීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරළ බව ජපාන පොලීසිය පවසයි.

මෙම පිහි දෙක හමු වී ඇත්තේ හිෂහිටෝ කුමරුගේ පංති කාමරයෙනි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා ඔස්සේ හඳුනා ගත් සැක කරුවකු පිළිබඳව අවධානය යොමු වී ඇති බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.

ඉදිරි සතියේ දී අකිහිතෝ අධිරාජයා සිය කිරුළ අත් හැරීමෙන් පසු කිරුළ හිමි දෙවැන්නා වන්නේ හිෂහිටෝ කුමරුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *