ලයිට් ගියාම කියන්න ඇප් එකක් එයි

(කොළඹ, ලංකාපුවත්) –ලංකා විදුලිබල මණ්ඩලයේ 50 වැනි සංවත්සරයට සමගාමීව, විදුලි පාරිභෝගික සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ඊයේ (17) සිට CEB Care නමින් ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීම සිදුවිය.

යම් විදුලි බිඳ වැටීමක් සිදුවුවහොත් දුරකථන මාර්ගයෙන් දැනුම් දීම මේ වන විට සිදු වන නමුත් මෙම දුරකතන මෘදුකාංගය මඟින් විදුලි බිඳ වැටීම් දැනුම් දීම, තම විදුලි බිල්පතෙහි හිඟ මුදල් පිළිබඳව පරීක්ෂා කර ගැනීමේ පහසුව ඇතුළු කාර්යක්ෂම සේවා රැසක් පහසුවෙන් ඉටු කර ගත හැකිය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම හදුන්වාදීමේ වැඩසටහන පැවැත්වුණි.

එහිදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ “අප පාරිභෝගිකයා මුල්කරගෙන වැඩකළ යුතු කාලය දැන් එළඹිලා. ඔවුන් නැතිනම් අපට ආයතනයක් නැහැ. ඒ නිසා අපි පාරිභෝගිකයාට මුල්තැන දී කටයුතු කළ යුතුයි. මෙම මෘදුකාංගය තුළින් සිදුවූ වෙනස අති විශිෂ්ටයි. මේ වෙනස තුළින් තමයි ආයතනය ඉදිරියට ගෙනයා හැක්කේ. මේ වෙනස කළ යුත්තේ අප විසින්මයි. CEB Care මෘදුකාංගය තුළින් මේ ඇතිකල වෙනස අතිවිශිෂ්ටයි. අද මේ වෙනස සිදු නොකළොත්, තවත් වසර ගනනාවකින් වෙනත් පිරිසක් තුළින් මේ වෙනස ඔබ තුලද කාවද්දයි. අපේ ආයතතනය තුළ ඇතිකල යුතු වෙනස අපි විසින්ම කල යුතුයි. වෙනත් අමාත්‍යාංශයක් තුළින් අපේ ආයතන තුලට ඇගිලි ගැසීමක් අවශ්‍ය නැහැ. අපේ අනාගතය අපේ අතේ තියාගන්න ඕන. අපේ අනාගතය සුරක්ෂිත කරන්න, පාරිභෝගිකයා ආරක්ෂා කරන්න අපි වැඩපිළීලෙක් ආරම්භ කලා. ඒ තුළින් අපට පෙනෙනවා අප යන්න ඕන ඉදිරි මාර්ගය. ලංකා විදුලිබල මන්ඩලය තුළ තරගකාරීත්වයක් ඇති කරලා, පාරිභෝගිකයාට හොද සේවයකත් ලබාදෙන්න පුළුවන්නම්, ඒ වෙනස කෙතරම් වටිනවාද. අපට රජයේ නිලධාරීන් වශයෙන් සේවය ඇවිත්, මොනවා උනත් කමක් නැහැ කියලා හිතලා, පැය 8 ක් ඉදලා ඔහේ යන්නත් පුලූළුන්. නමුත් තමා ලබාගන්නා වැටුපට සරිලන සේවයක් සපයන්න අපට යුතුකමක් මෙන්ම වගකීමක් තිබෙන බව අප මතක තබා ගත යුතුයි. අපට වැටුප් ගෙවන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් නිසා අපටත් යම් වගකීමක් තිබෙනවා ජනතාව වෙනුවෙන් සේවය කරන්න.“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *