සැක කටයුතු ගුවන් යානා හෝ ඩ්‍රෝන යානා පිලිබඳ දැනුම් දීමට ක්‍ෂණික අංකයක්

(කොළඹ, ලංකාපුවත්) –සැක කටයුතු ගුවන් යානා හෝ සැක කටයුතු ඩ්‍රෝන යානා ආදිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

හදිසි අවස්ථාවලදී මහජනතාව විසින් ගුවන් හමුදාව දැනුවත් කිරීමට යෑමේදී ඔවුන් අපහසුතාවයට පත්වෙන් බව ගුවන් හමුදාව පවසයි.

එයට පිළියමක් වශයෙන් 115 අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව මෙම දුරකථන අංකය ඇමතීමෙන් ජනතාවට ඉතා පහසුවෙන් මේ ගැන දැනුවත් කිරීමේ හැකියාව ලැබෙන බව ගුවන් හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *