ඉන්දියාවේ ටජ්මහල වසා දමයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරයාම වැළැක්වීමේ පියවරක් වශයෙන් ඉන්දියාවේ සුවිශේෂී ස්මාරකයක් වන ටජ්මහල වසා දමා ඇත.

එරට සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ දිනපතා දස දහස් ගණනක් මෙම “ප්‍රේමයේ ස්මාරකය” නැරඹීමට පැමිණෙන අතර එය වසා දැමීම අත්‍යවශ්‍ය බවය.

ටජ්මහල ලොව ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර දිනකට 70,000 ක් පමණ ජනතාව එය නැරඹීම සදහා පැමිණෙනු ඇත.

ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන් 114 ක් සහ ඊට සම්බන්ධ මරණ දෙකක් මේවන විට වාර්තා වී තිබේ. ආසාදනය සඳහා මේ දක්වා පුද්ගලයින් 6,000 ක් පරීක්ෂාවට ලක් කර ඇත.

මිනිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා තවත් වැදගත් ස්මාරක, කෞතුකාගාර සහ ඓතිහාසික ගොඩනැගිලි කිහිපයක් රට පුරා වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

මාර්තු 31 දක්වා ටජ්මහල ස්මාරක වසා තබන බවත්, තවදුරටත් එය වසා දැමීමේ කාලයෙන් පසුව තීරණය කරන බවත් ඉන්දීය සංස්කෘතික අමාත්‍ය ප්‍රහලාද් පටෙල් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *