රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් කුඩු ඡාවාරමේ දී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියල කරන්නෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (16) පස්වරුවේදී අතුරුගිරිය, මොරටුවාහේන ප්‍රදේශයේදී මෙම සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයෙහි තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් හමුවූ බව පොලිසිය සඳහන් කරයි.

මාතර ප්‍රදේශයේ පදිංචි, 28 හැවිරිදි හැවිරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් 14 දෙනෙකු ද අත් අඩංගුවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *