බොලීවියාවේ වැඩබලන ජනපති, ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බොලීවියාවේ වැඩබලන ජනාධිපති ජෙනින් ඇනෙස් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව නිවේදනය කරයි.

ජනාධිපතිවරණයට මසක පමණ කාලයක් තිබියදී ඇය මෙලෙස මැතිවරණයෙන් ඉවත්ව ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් වැළකී සිටීමට තමා තීරණය කළේ ඒ සදහා ඉදිරිපත්වන අනෙකුත් තරගකරුවන් ශක්තිමත් කිරීමට බව ඇය මාධ්‍ය හමුවේ පවසා සිටි බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. පසුගිය වසරේ උද්ගතවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එවකට ජනාධිපති එවෝ මොරාලෙස් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු දැනට ආර්ජන්ටිනාවේ දේශපාලන රැකවරණය යටතේ පසුවෙයි.

පුරප්පාඩු වූ ජනාධිපති තරනතුරේ වැඩබැලීම සදහා ජෙනින් ඇනෙස් තෝරා ගැනීමට සෙනෙට් සභාව පියවර ගත්තේය. බොලීවියාවේ ජනාධිපතිවරණය එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *