කලා කීර්ති සුමිත්‍රා පීරිස්ට ජපාන අධිරාජයාගෙන් සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – කලා කීර්ති සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත ‘ද ඕඩර් ඔෆ් ද රයිසං සන්, ගෝල්ඩ් ඇන් සල්වර් රේස් ‘ (The Order of the Rising Sun, Gold and Silver Rays) සම්මානය පිරිනැමීම පසුගිය දා ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නිල නිවෙසේ පැවැති උත්සවයකදී සිදු විය.

ජාතික හා අන්තර්ජාතික සිනමාවට කරන ලද අනගි සේවය අගයමින් හා අන්තර්ජාතික සබඳතා ප්‍රවර්ධනය වෙනුවෙන් ජපාන අධිරාජයා මෙම සම්මානය පිරිනමා ඇත.

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සූගියාමා අකිරි මහතා සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත එම සම්මානය පිළිගැන්වනු ලැබීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදේශ සබඳතා පිළිබඳ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *