රාගම රෝහලෙන් පැනගිය රෝගියා සෙවීමට මහජන සහය පතයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(06) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

එම පුද්ගලයා සොයා ගැනීම සදහා පොලිසිය මහජන සහාය අපේක්‍ෂා කරයි.

රාජවාසලදේආලලාගේ දොන් සරත් කුමාර නැමැති 62හැවිරිදි අයෙක් මෙලෙස පැන ගොස් ඇත. ඔහු නො 307, නුවර පාර, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම්, ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත, 119 හෝ පොලිස් මෙහෙයුම් මැදිරියේ අංක 0112854880 / 0112854885 වෙත දන්වන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

මෙවැනි පුද්ගලයින්ට ආරක්‍ෂාව හෝ රැකවරණය සපයන පුද්ගලයින් සම්බන්ධයෙන් අනාවරණය වුවහොත් එවැනි පුද්ගලයින්ට විරුද්ධව නිරෝධායන නීති රෙගුලාසි අනුව ක්‍රියා කරනු ලබන බව පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *