පාස්කු ප‍්‍රහාරයට වසර දෙකයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප‍්‍රහාරය එල්ල වී අදට(21) වසර දෙකක් සපිරේ.

සංචාරක හෝටල් කිහිපයක් සහ මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය, මඩකළපුව සියොන් දේවස්ථානය එදින එල්ල වූ අන්තවාදී ඉස්ලාමිය කණ්ඩායමක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්කයන් බවට පත්විය.

ඉන් මියගිය අය සිහිපත් කරමින් රට පුරා දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වෙනු ඇත.

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අද(21) මධ්‍යහ්න 12.00 දක්වා ප්‍රධාන දේව මෙහෙය සිදු කෙරෙන කොච්චිකඩේ දේවස්ථානය අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරිපිට ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත හා ක්‍රිස්ටි පෙරේරා මාවත යන මාර්ගයන් හි රථවාහන සීමා කිරීමට ද කටයුතු කෙරෙන අතර දිවයිනේ සියලු දේවස්ථාන අවට ආරක්ෂාව තර කිරීමට ද පොලිසිය විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් සකස් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *