අමෙරිකාවටත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය

(ලංකාපුවත් | කොළඹ) –අමෙරිකාවෙන් පළමුවරට ඔමික්‍රොන් ආසාදිතයෙක් වාර්තා වී ඇත.

කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මෙම ඔමික්‍රොන් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් 22 වැනි දා යළි අමෙරිකාව වෙත පැමිණ තිබුණි. ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ පසුගිය 29 වැනිදාය.

අමෙරිකා ජනාධිපතිවරයා එරට පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ අමෙරිකානුවන්ට සම්පුර්ණයෙන්ම එන්නත ලබා දෙන ලෙසත්, සුදුසුකම් ඇත්නම් බූස්ටරයක් ​​ලබා දෙන ලෙසත්ය.

එසේම මෙම ශීත සෘතුවේ කොවිඩ් – 19ට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපද උපායමාර්ගය මත වැඩ කරමින් සිටින බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

මෙහි එක් පියවරක් ලෙස අමෙරිකාව තුළ මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාව මාර්තු මැද වන තෙක් දීර්ඝ කරන බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *