(කොළඹ, ලංකාපුවත්) – දූපත් රාජ්‍යයන් අතරින් ආනාගතයේදී ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ එෆ් ඩී අයි සඟරාව සදහන් කරයි. දූපත් රාජ්‍ය 27ක් යොදා ගනිමින් එම සගරාව සිදුකළ ගවේෂණයකට අනුව හෙලිවී ඇත්තේ අනාගතයේ දී වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගා ගත හැකි සාධක පවතින රට ශ්‍රීලංකාව බවය.
2017 ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාරික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) කොළඹ දී ආරම්භ කෙරුණි.
එහිදී එෆ්.ඩී.අයි. සඟරාවේ උප කතෘවරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදි. අනතුරුව ජනාධිපතිතුමා විසින් එම සහතිකය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා ආයෝජන සහ වෙළෙද සමුළුව වාර්ෂිකව සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසිනි. දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් 23ක් නියෝජනය කරමින් ආයෝජකයින් 132 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වී සිටි.
අපනයන, නිෂ්පාදන, කෘෂිකර්ම ,යටිතල පහසුකම් සංවර්ධනය ,අපනයන සේවා , දේශීය දැනුම් සේවා, විදුලි බල හා බලශක්ති සංචාරක ක්ෂේත්රය පිළිබද මෙහිදී ප්රමුඛ අවධානයක් යොමු කෙරේ.
ශ්‍රී ලාංකීය සමාගම් නියෝජනය කරන ව්‍යාපාරිකයින් මෙන්ම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග ද සාකච්ඡා පැවැත්වීමට විදේශීය ආයෝජකයින්ට මෙහිදී අවස්ථාව උදාවේ.