අපදා අවස්ථාවේදී ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ආධාර ලබාදීම හොඳ සංඥාවක්- විපක්‍ෂ නායක

(කොළඹ, ලංකාපුවත්) – ආපද අවස්ථාවේදී ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ආධර ලබාදීම හොඳ සංඥාවක් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රටේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව පැවැති විවාදයේ අදහස් දක්වමිනි.

පීඩාවත් පත් ජනතාවට නැවත එවන් විපතක් නොම වේවා කියා පතනවා. ජනතාවට ලබාදුන් ආධාරවලට ස්තූතිවන්ත වෙනවා. විදේශරටවල් ආධාර කිරීමට ඉදිරිපත් වීම හොඳ සංඥාවක්. අපිට ලැබුණු ජාත්‍යන්තර සහන නිසි පරිදි පාවිච්චි කරයි කියා විශ්වාස කරනවා.

ස්වභාවික ව්‍යවසන ස්වාභාවිකව සිදුවෙනවා. දේශපාලනිකව විවේචන කරගන්නවා. අපේ ජනතාවට මින් සිදුවන හානිය බැලිය යුතුයි. මෙවැනි ව්‍යවසන නිසා ජනතාවට විදින්නට තිබෙන දුක් කම්කටළු වැඩියි.

සැබැ ලෙස ප්‍රායෝගිකව ආපදා කළමනාකරණයට සැබෑ වුවමනාවක් තිබෙනවා ද? කිසිසේත් කියන්නේ නෑ, ආණ්ඩුව වගකීමෙන් ගැළවෙන්න හැදුවා කියලා. මේ රජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරල,රටේ පාලනයට ජනතාව හවුල් කර ගන්න කාර්යක්ෂම ක්‍රමයක් තිබිය යුතුයි. ජනතාව ඊට සහභාගි වෙනවා නම් වැදගත් යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *