දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී

(කොළඹ, ලංකාපුවත්) – දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද (22) අලුයම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවෙ පොලිසිය පැවසීය.

දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත දේවස්ථානයක් අසල මාර්ගයකදී මෙම ගිනි ගැනීම සිදු ව තිබේ.

මෙම ගින්න හේතුවෙන් ඒ අසල තිබූ තවත් කාර් රථයකට හා වෑන් රථයකට ගිනි ඇවිලි අලාභ හානි සිදු ව ඇත. කාර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි විශ්වාස කෙරේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාග කිසිවක් සිදුව නොමැති අතර මේ පිළිබඳ දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *