ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය අද ජනපති හා අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය, ජුලී බිෂෝප් මහත්මිය අද(20) ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඊයේ(19) පස්වරුවේ එක්දින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂෝප් මහත්මිය දිවයිනට පැමිණියා ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය, සිය නිල සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ව ඊයේ පස්වරුවේ හමු වු බවය.

මෙරට පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය සහය දැක්වීම ඇයගේ මෙම සංචාරයේ අරමුණ බව විදේශ කටයුතු අමත්‍යාංශය පැවසුවේ ය.

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂෝප් මහත්මිය සමග සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *