කළු ගං රක්ෂිතයේ සියලු ඉදිකිරීම් ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කළු ගං රක්ෂිතයේ ඉදිකර ඇති සියලු ම ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට කළුතර දිස්ත්‍රික් පාරිසරික කමිටුව තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් ගඟ රක්ෂිතයට අදාල මැනුම් කටයුතු මේ දිනවල සිදුකර ගෙන යනු ලබන අතර මෙම මිනුම් වාර්තාව මගින් රක්ෂිතය තුළ ඉදිකර ඇති බවට තහවුරු කෙරෙන සියලු ම ඉදිකිරිම් ඉදිරි දිනවලදි ඉවත් කිරිමට කටයුතු කෙරේ.

කළු ගඟේ රක්ෂිතය තුළ මින් ඉදිරියට කිසිඳු ඉදිකිරිමක් සිදුකිරිමට ඉඩ නොලැබෙන ලෙස මිනුම් වාර්තාව පදනම් කර ගනිමින් රක්ෂිතයේ සීමා සලකුණු කර මායිම් කණු සිටුවීම ද මේ සමගම සිදුකෙරේ.

ගඟේ රක්ෂිතය තුළ සිදුකර ඇති සමහර අනවසර ඉදිකිරිම් ගඟ දක්වාම ව්‍යාප්ත වී කළු ගඟ පටු වී තිබේ. අධික වාර්ෂාව සමග විශාල ජලධාරාවක් ගඟට එක්වන විට ජලය ඉක්මනින් බැසයාමට මෙමඟින් විශාල බාධාවක් ඇති කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *