ත්‍රාසජනක ක්‍රියා කළ චීනයේ සුපර් මෑන් මරුට

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි වීරයෙකු බවට පත්වීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තරුණයෙකු පිළිබඳ චීනයෙන් තොරතුරු වාර්තා වේ.

26 හැවිරිදි වියේ පසුවූ ‘වූ යොන්ග්නින්ග්’ නැමැති තරුණයා චීනයේ’සුපර් මෑන්’ යනුවෙන් ප්‍රසිද්ධව සිටියේය.

එම තරුණයා මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට ව්‍යායාම කර තිබේ. එතරම් ඉහළ ස්ථානයක සිට තම දෑත්වලින් එල්ලී ව්‍යායාම කරමින් වීරයෙකු බවට පත්වීමට ඔහු උත්සාහ දරා තිබු‍ණු බව සදහන් වේ. එම ක්‍රියාකාරකම්වලදී සමබරතාව ගිලිහී ගොස් මෙම තරුණයා ගොඩනැගිල්ලේ බිමට ඇදවැටී ඇත.

මීට පෙර අවස්ථාවලදී ඔහු මෙවැනි ත්‍රසජනක වීඩියෝ රැසක් සමාජ ජාල වෙත යොමුකර එමගින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කළ අයෙකු බව සඳහන් වේ

ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ ඉකුත් නොවැම්බර් 08 වනදා බව වාර්තාවේ. ඔහුගේ මරණයෙන් මසකට පසු මෙම තරණයා මිය ගොස් ඇති බව තහවුරු වී ඇත්තේ ද සමාජ ජාල මාධ්‍ය හරහා ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *