‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ’ තරගාවලියේ ඩිලන්තට තෙවැනි තැන

(කොළඹ, ලංකාපුවත්) –ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2017 ජාත්‍යන්තර ශූරතා අවසන් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව සමත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට එක්වූ ඩිලන්ත මාලගමුව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, සිය ජයග්‍රහණයට සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ශක්තියක් වූ බවයි.

තරගාවලියට යුරෝපය, අමෙරිකාව සහ ආසියාව නියෝජනය කරමින් දක්ෂ තරගකරුවන් රැසක් එක්ව සිටියහ.

ඔහු තරගවැදුණේ ඒ එම් ශ්‍රේණිය යටතේ ය.

මාලගමුව සිය කුසලානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පිළිගැන්වීම ද මෙම මාධ්‍ය හමුවේ දී සිදු කෙරුණි. ඉදිරියේ දී ලෝක ශූරතාව දිනා ගැනීම සිය බලාපොරොත්තුව බව මාලගමුව එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *