නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්ථාපිත කළ ,නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය, ඊයේ09) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

අංක 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේදී කි්‍රයාත්මක කිරීමට අපේක්ෂිත මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කෙරිණි.

ඒ පිළිබද තොරතුරු ඇතුළත් Nidahasugayak.com වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. බී. දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *