අලුත් අවුරුදු සමයේ බස්රථ ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව,කඩුවෙල,කඩවත සහ මහරගම සිට මාතර හා ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවන කෙරෙන අතිරේක බස් රථ සඳහා ගමනා ගමන කොමිෂන් සභාව විසින් තාවකාලික මාර්ග අවසර පත්‍ර නොමිලේ ලබා දි තිබේ. එබැවින් ඒ සඳහා මගි ජනතාව කිසිදු අමතර මුදලක් ගෙවිය යුතු නැත.

කිසියම් බස් කොන්දොස්තරවරයෙකු වැඩිපුර මුදල් අය කොට ප්‍රවේශ පත්‍ර නොදී සිටින්නේ නම්, හෝ මගින්ට හිරිහැර වන අන්දමින් කටයුතු කරන්නේ නම් එවැනි අය පිළිබඳව 1955 දුරකතන අංශයට පැමිණිළි කරන ලෙස ඉල්ලා සිටින බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී හේමචන්ද්‍ර මහතා පවසයි.

අලුත් අවුරුදු සමයේ ගම් ප්‍රදේශ බලා පිටත්ව යන මගි ජනතාවගේ ගමන් පහසුව උදෙසා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව,ලංගමය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක් වී පිටකොටුව බැස්ටියන් මාවතේ සිට බස් ගමන් වාර 2300ක් පෙරේදා (10) දිනයේ සිට යොදවා ඇත.

එසේම අද (12) වන විට මෙම ගමන් වාර සංඛ්‍යාව 2500 දක්වා වැඩි කිරිමට කටයුතු යොදා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී හේමචන්ද්‍ර මහතා පවසයි.

මෙයට අමතරව කම්හල් සේවක සේවිකාවන්ගේ පහසුව උදෙසා කටුනායක,බියගම,අවිස්සාවේල්ල,වෙළඳ කලාපවල සිට සහ රත්මලාන,මහරගම හා හෝමාගම සිට ද දුර බස් ගමන් සේවා ක්‍රියාත්මක කොට ඇතැයි ඒ මහතා එම කොමිෂන් සභා කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දි පැවසිය.

අලුත් අවුරුද්දෙන් පසු ගම් ප්‍රදේශ වල සිට අගනුවර බලා පැමිණෙන මගී ජනතාව උදෙසා අප්‍රේල් 16 වන දා සිට 23 දක්වා විශේෂ බස් රථ සේවා යෙදවිමට පියවර ගෙන ඇත.ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදිම පිණිස ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරින්මො නරාගල,අම්පාර, කඳුරුවෙළ,නුවරඑළිය,මහනුවර,ගාල්ල සහ මාතර ආදි ඈත ප්‍රදේශවලට පිටත් කෙරෙන බව ද හේමචන්ද්‍ර මහතා පැවසීය.

එමෙන් ම අලුත් අවුරුදු උත්සව කලයේ පෞද්ගලික චාරිකා සඳහා බස් රථ ලබා නොදෙන ලෙස කොම්ෂන් සභාව ලංගමය හා පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය වෙත දන්වා යවා ඇති බව ද සභාපති වරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *