ලොව දෙවන විශාලතම නුග ශාකය අනතුරේ – ශාකයට සේලයින් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ පිහිටි අවුරුදු 700ක් පැරණි දැවැන්ත නුග වෘක්ෂයට සිදුවන කෘමි හානි වැළැක්වීමට කටයුතු කෙරෙමින් පවතින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

අක්කර තුනක පමණ භූමි භාගයක් පුරා විහිදී ඇති මෙම ඉපැරණි නුග ශාකය ලොව පුරා පවතින මෙවැනි ශාක වර්ග වලින් දෙවන විශාලතම ශාකය ලෙස හැඳින්වේ.

විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශනයක් දිනාගෙන ඇති මෙම ශාකයට කෘමි උවදුරු ඇතිවීමේ අවදානමක් හට ගෙන ඇත. ඒ හේතුවෙන් ශාකයට පලිබෝධනාශක එන්නත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි සදහන්වේ. දිරාපත්වෙමින් පවතින ශාකයේ ඇතැම් කොටස් ඉවත් කිරීමද සිදුකර තිබේ.

මහබුබානගර්හි මායිම්ව පිහිටා ඇති මෙම නුග වෘක්ෂය අක්කර තුනක පමණ පැතිර පවතී. එය “පිල්ලලමාර්රි” හෙවත් දරුවන්ගේ නුග ගස යනුවෙන් ද හදුන්වනු ලැබේ.

ඉකුත් 2017 වසරේ දෙසැම්බර් දක්වා මෙය ප්‍රධාන සංචාරක ආකර්ශන ස්ථානයක් විය. නමුත් බලධාරීන් මෙම ගස කඩා වැටීමේ අවදානමක් පවතින බවට දැනගත් පසු එම ස්ථානය වසා දැමූ බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *