තමිල්නාඩුවෙන් එල්ටීටීය වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවති යුදමය සමයේ දී එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානය විසින් වළදමා තිබූ බවට විශ්වාසකෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවේ ප්‍රදේශ කිහිපයකින් හමුව තිබේ.

ඒ අනුව චෙන්නායි හිදී මේ සතියේ දී දෙවැනි වතාවටත් පුපුරණ ද්‍රව්‍ය හමුව ඇතැයි වාර්තා වේ.මීට අමතරව රාමේශ්වරම් හී තන්කච්චිමඩම් ගම්මානයේ වැවක් කැනීමේ දී ද පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇතැයි සදහන් ය.

චෙන්නායි ඉන්දීය පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ නියෝජ්‍ය පාලක ෂින් හුසේන්, රාමනාදන් හි පොලිස් නිලධාරීන් සමඟ අදාළ ස්ථාන පරීක්ෂා කර බලා පුපුරණ ද්‍රව්‍ය එක් රැස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවැති සමයේ දී විශේෂයෙන්ම 1980 ගණනවලදී මෙම පුපුරණ ද්‍රව්‍ය සටන්කාමී කණ්ඩායම් විසින් මිහිදන් කරන්නට ඇති බවට සැක කෙරේ.

මේවන විට මැෂින් තුවක්කු රවුම් 5,500ක්, මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කු රවුම් 400ක්, ස්වයංක්‍රීය රයිෆල් තුවක්කු 4,928ක්, ටී.එන්.ටි.ඊ ස්ලැබ් 199 ක්,විශාල ආරක්ෂිත ෆියුස් 4 ක් සහ කුඩා ආරක්ෂණ ඉන්ධන කම්බි 4 ක්, බිම් බෝම්බ 20 ක්, ඩෙටනේටර් 87 ක් ඇතුළු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයා ගත් පුපුරණද්‍රව්‍ය අතරට අයත් ය.

මෙම පුපුරණ ද්‍රව්‍ය සිවගංඟා දිස්ත්‍රික්කයට දැඩි ආරක්‍ෂාවක් යටතේ රැගෙන යනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *