පිළියන්දලදී හෙරොයින් කිලෝ 110ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 110ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අද(05) උදෑසන සුරාබඳු මත්ද්‍රව්‍ය අංශය මඟින් මෙම වැටලීම සිදු කර තිබේ.

මෙහිදී එක් සැකකරුවෙක් වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් දෙදෙනෙකුව මෝටර් රථයක් ද සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *