FB සාදවලට පොලීසියේ ඇස

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා සංවිධානය කරනු ලබන සාද දැඩි පරීක්ෂාවකට ලක් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

මෙම සාද බොහෝ විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරන බවත් සාදවලට සහභාගීවන අයට විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන බැවින් මෙම පරීක්ෂාවන් සිදු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ක්‍රියා කර ඇත.

මෙම පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්ථානවල විෂ මත්ද්‍රව්‍ය හෝ එම ස්ථානවල නීතිවිරෝධී කටයුතු සිදුවනවානම්, අදාළ සාදය සංවිධානය කළ පිරිස්, ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් පිරිස් සහ සාදයට සම්බන්ධ වී සිටින පිරිස් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කිරීමට ද උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *