මෝදිගේ සංචාරය ලංකාවේ ආරක්ෂාව ගැන හොඳ පණිවිඩයක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවට දෙන පණිවිඩයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පොසොන් උත්සවය සැමරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *