මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දෙවන කුඹල් පෙරහර අද

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (6) වීදී සංචාරය කෙරේ.

ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7ට පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

මෙවර පෙරහර සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පෙරහර වීදි සංචාරය කරන සෑම දිනකම දහවල් 1 සිට රාත්‍රී 7 දක්වා කඩුගන්නාවේ සිට මහනුවර දක්වා ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට වම් පස රථ වාහන නතර කිරීම තහනම් බවත් රාත්‍රී 7 සිට අලුයම 1දක්වා මහනුවර සිට කඩුගන්නාව දෙසට යන විට වම් පස වාහන නතර කර තැබීම තහනම් බවත් පොලිස් මාධ්‍යය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *