දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට ධාවනය අද ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු අද(24) සිට ආරම්භ වේ.

ඒ අනුව අද උදෑසන 08.30 පළමු බස් රථය හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වන බවයි මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කළේය.

මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය හම්බන්තොට දී පැවැත්වේ.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත කෙරුණු මාතර – හම්බන්තොට කොටසේ මගී ප්‍රවාහනයට සුඛෝපභෝගී බස් රථ 10ක් අද සිට ධාවනයට එක් කෙරේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස්රථ සඳහා වූ ගාස්තුව ද රජය ප්‍රකාශයට පත්කර තිබේ.

නව බස්රථ, අම්බන්තොට,තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශවල සිට කටුනායක ගුවන්තොටුපොළ හා කඩවත දක්වා ධාවනය කෙරෙනු ඇත. පළමු අදියරට එම ස්ථානවල සිට සුඛෝපභෝගී බස්රථ 3ක් යෙදවීමට නියමිත බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා වූ ලංගම බස්රථ ගාස්තුව රුපියල් 880කි. තංගල්ල සිට කොළඹ දක්වා රුපියල් 680ක් අය කෙරෙනු ඇත. හම්බන්තොට සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 810කි. තංගල්ලේ සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 810කි. තංගල්ලේ සිට මාකුඹුර දක්වා රුපියල් 610කි.

මේ අතර දක්ෂිණ අධිවේගයේ මාතර සිට මත්තල දක්වා වන කොටස, ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනූව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා වූ කිලෝමීටර 200යි මීටර 451ක් වූ එම කොටස තුළ රථ වාහන ගමනාගමනය සඳහා ගාස්තු අය කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *