දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයෙන් මගීන් රැගෙන ඒම තාවකාලිකව නවත්වයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් මගීන් ගෙන්වා නොගන්නා ලෙස සියළුම ගුවන් සමාගම්වලට ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය උපදෙස් දී තිබේ.

හෙට(14) සිට සති දෙකක කාලයක් මෙම තීරණය බලාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *