බස්නාහිර ආණ්ඩුකාරවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙනි.

සීතා අරඹේපොල මහත්මිය පසුගිය නොවැම්බර් මස 21වනදා සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කරනු ලැබුවේය.

සිතා අරඹේපොල මහත්මිය කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *