පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව එම කාර්යංශයේ රාජකාරි කරනු ලැබූ දැනට සැගව සිටින පොලිස් පරීක්‍ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට මේවන විට විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පොලිස් පරීක්ෂකවරයා, වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමති අංක 189, කිරිකත්ත , වැලිවේරිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුගේ ඡායාරූපය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර ඇත.

මෙම සැකකරු සම්බන්ධ තොරතුරක් වෙතොත් දුරකථන අංක 071 – 8591767 හෝ 011-2422176 වෙත ලබා දෙන ලෙස මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *