සියලු පාසල් අද සිට සතියක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – අද (13) සිට ලබන සිකුරාදා (17) තෙක් දිවයින පුරා සියලු පාසල් සහ පිරිවෙන් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර ඊයේ (12) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇති විය හැකි

අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට

භාජනය කිරීම සඳහා මෙම සතියක නිවාඩුව ලබා දීමට තීරණය කර තිබේ.

‍මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි.

එසේ වුව ද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යෑම විදුහල්පතිවරුන්ගේ වගකීම බව ද අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *