ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි

(කොළඹ, ලංකාපුවත්) –නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.

ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය.

මෙම නව හදිසි නීතිය ලබන මැයි මස මුල ක්‍රියාත්මක වන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *