රුසියා-චීන-බ්‍රිතාන්‍ය කොවිඩ් එන්නත් ගෙන්වීමට අවධානය – ලලිත් වීරතුංග

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V, චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් තුන මෙරටට ලබා ගැනීමේ වැඩි ඉඩක් ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට කොවිඩ් 19 වයිරසයට එරෙහිව එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්ව බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා කීවේය.

එම එන්නත්වල වගකීම, එය නිපදවූ සමාගම විසින් නොදරනු ඇති බව පවසන ඒ මහතා එම එන්නත් ලබා ගැනීමට ඇති සියලුම විකල්ප අවස්ථා පිළිබඳ මේ වන විට සොයා බලමින් සිටින බව කියා සිටියි.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව හඳුන්වා දී ඇති එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු ලලිත් වීරතුංග මහතාට පවරා ඇති අතර ඒ අනුව කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව රැස්වන කමිටුවේ තීරණය පරිදි එන්නත් සම්බන්ධ සියලු කටයුතු කරන්නේ ඒ මහතාය.

මීට අමරතව එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් තීරණ ගැනීම ද එම කමිටුවට පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *