(කොළඹ, ලංකාපුවත්) – මෙරටට ලැබී ඇති කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් තොගයේ ඉතිරි එන්නත් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලවලට, අවදානම් සහිත කණ්ඩායම්වලට සහ ආර්ථික වශයෙන් සක්‍රීය දායකත්වයක් දෙන කණ්ඩායම්වලට දීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ පහ ප්‍රමුඛතාව අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට ලබාදුන් බවත් එන්නත ලබා ගැනීමට නියමිතව සිටි පුද්ගලයන්ගෙන් බොහෝදෙනකු එම එන්නත ලබාගෙන අවසන් බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
තවද දෛනිකව මෙම එන්නත් ලබාගැනීමේ අඩුවක් පෙන්නුම් කරන බවද හෙතෙම පැවසීය.