‘අතුරුගිරියේ ලඩියා‘ බැංගලෝරයේදී අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ පාතාල නායකයෙක් ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙන් වන අපරාධ ගණනාවකට සම්බන්ධ සංවිධාන්තාමක අපරාධකරුවෙක්වන ‘අතුරුගිරියේ ලඩියා‘ නොහොත් චානුක දහනායක යන අයව ඉන්දිය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

38 හැවිරිදි එම අපරාධකරු ඉන්දියාවේ කොයිම්බතූර්හිදී ඉකුත් සෙනසුරාදා(13) අත්අඩගුවට ගෙන ඇත.

ලඩියාට රැකවරණය ලබාදීමේ චෝදනා යටතේ 46 හැවිරිදි පුද්ගලයෙක්ද ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සෙනසුරාදා රාත්‍රියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි සදහන්වේ.

ඉන්දියවේදී හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පවත්වූ අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසුව ඔහුගේ පිස්තෝලය ලබාදි ඇත්තේ අතුරුගිරියේ ලඩියාට බව ඉන්දීය විමර්ශනවලින් හෙළිකර ගැනීමෙන් අනතුරුව ඔහුව සොයා පොලීසිය නිවසක් නිවසක් පාසා පරීක්ෂණ පවත්වා තිබේ.

අනතුරුව අතුරුගිරියේ ලඩියාගේ ඡායාරූපය නිවසක වැඩකරන මෙහෙකරුවෙක් විසින් හඳුනාගැනිමෙන් පසුව ඔහුගේ තොරතුරු අනුව යමින් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් පොලිස් භාරයේ තබාගෙන විමර්ශන කිරිමට අවධානය යොමුව ඇත.

අංගොඩ ලොක්කා සමග එක්ව අපරාධ ගණනාවක් සිදුකර ඇති ලඩියා තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන සමයං ඝාතනයේ සැකකරුවෙක්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *