ලබන වසරේදී පොල් පැළ ලක්ෂ 55ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

(ලංකාපුවත් | කොළඹ) –ලබන වසරේදී පොල් පැළ ලක්ෂ 55 ක් සිටුවීමේ අරමුණින් පොල් බීජ තවාන් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

රණවිරු දෑතින් දෙරණට පිදෙන සියක් දහසක් කප්රුක යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.
පොල් වගා කිරීමේ මණ්ඩලය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඒ අනුව පොල් පැළ බීජ 10,000 ක් තවාන් කිරීම කන්දනාඩු යුද හමුදා ගොවිපළ භූමියේදී සිදු කෙරුණි.

යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ. කේ. රාජපක්ෂ , පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ විය.

උතුරු නැගෙනහිර පළාත්වල අක්කර 6000 ක ලබන වසරේදී පොල් වගා කිරීමට ද සැළසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *