ස්පයිඩර් මෑන් ඩොලර් බිලියනයක් උපයයි

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වසංගත සමයේ ලොව පුරා තිරගත වූ ස්පයිඩර් මෑන් නවතම චිත්‍රපටය වන No Way Home ඩොලර් බිලියනයක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

මීට කළින් එම වාර්තාවට හිමිකම් කීවේ ඩොලර් මිලියන 905ක් ඉපැයූ චීනයේ නිෂ්පාදිත කොරියානු යුද වීර කථාවක් වන බැට්ල් ඔෆ් ලේක් චැන්ග්ජින් ය.

ඊට පෙර අවසාන වතාවට ඩොලර් බිලියන 1ක ආදායමක් ඉපැයූ සිනමා නිර්මාණය වූයේ 2019 දී එළි දැක්වූ ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ද රයිස් ඔෆ් ස්කයිවෝකර් ය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ පසුගිය වසර දෙකක කාලය ඇතුළත වෙනත් කිසිදු චිත්‍රපටයක් ඩොලර් බිලියන 1ක ආදායම් සීමාවට ළඟා වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *