කොවිඩ් සුනාමියක් ගැන WHO අනතුරු අඟවීමක්

(ලංකාපුවත් | කොළඹ) –ඩෙල්ටා සහ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රියිසස් මේ බව සදහන් කර ඇත්තේ අමෙරිකාවේ සහ යුරෝපය පුරා රටවල්වල නව ආසාදිතයින් වාර්තාවීමත් සමඟය.

යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනික ව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 28,000කි.

එසේම ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව, අමෙරිකාවේ පසුගිය සතිය තුළ දිනකට රෝගීන් 265,427 ක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *